අනුනායක හිමි ආදාහන පූජෝත්සවය පස්වරුවේ

Saturday, 22 April 2017 - 13:03

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, අමරපුර චූලවංශික නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බොරැල්ල - කැම්බල් පිටියේදී අද පස්වරුවේ සිදුකෙරෙනවා.

පසුගිය 18 වන දා උන්වහන්සේ අපවත් වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි.

ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 82ක්.

අපවත්වන විට සීවලී හිමියන් දෙමටගොඩ ශ්‍රී නාග විහාරයට අමතරව නල්ලතන්නිය - නාගදීප ශාඛාව, කිලිනොච්චිය ලූම්බිණි විහාරය, බලපිටිය බෞද්ධ මධ්‍යස්ථානය, මාදූව වික්‍රමසිංහාරාමය ආදී විහාරස්ථානවල විහාරාධිපති හිමියන් ලෙසද කටයුතු කළා.

උන්වහන්සේ ජනතාව අතර වඩා ප්‍රචලිත වූයේ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා සිදුකිරීම පිළිබද දැක්වූ කුසලතාව හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories