කොරියාවේ රැකියාවකට ගිය ගාල්ලේ තරුණයෙකු අතුරුදන්

Saturday, 22 April 2017 - 13:35

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව ගිය ගාල්ල - බද්දේගම තරුණයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

25 හැවිරිදි මෙම තරුණයා 2014 වසරේ කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත් වී රැකියාවක් සඳහා කොරියාවට පිටත්ව ගොස් ඇති බව සදහන්.

දිනපතා දුරකථනය ඔස්සේ නිවැසියන් අමතන මෙම තරුණයා සතියක පමණ කාලයක සිට එලෙස ඇමතුමක් ලබාදී නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

අවසන් වරට ඔහු දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ පසුගිය අප්‍රේල් 14 වන දා අලුත් අවුරුදු දිනයේදියි.

මේ වන විට ඔහුගේ දුරකථනය ද ක්‍රියා විරහිත වී ඇති බවයි ඥාතීන් පවසන්නේ.

තරුණයාගේ ඥාතීන් විසින් මෙම සිද්ධිය පිළිබඳ විදේශ රැකියා අමාත්‍යාංශයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළගෙන් විමසීමක් කළා.

එහිදී ඇය සදහන් කළේ අදාළ සිද්ධිය පිළිබදව පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව තානාපති අංශ ද දැනුවත් කර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විෂය භාර ඇමතිවරිය හිරු ප්‍රවෘත්ති අංශය වෙත වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories