වරදක් සිදුව ඇතැයි ඇමති විජිත් විජයමුණි පිළිගනී

Saturday, 22 April 2017 - 20:01

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අම්පාර ප්‍රදේශයේ ඇළ මාර්ග පස් යොදා අවහිර කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදුකළ වරදක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද පිළිගත්තා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද අම්පාර - වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති ගොවි හමුවකදීයි.

ගොවීන්ගේ ඉල්ලීම් නොතකා වාරිමාර්ග නිලධාරීන් පසුගිය 20 වැනිදා සේනායක සමුද්‍රයේ ජලය යල කන්නය සඳහා නිකුත් කිරීමටවිරෝධය පල කරමින් ඊයේ 18 ජනපදය ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ප්‍රදේශයේ ඇතැම් ඇළ මාර්ග ඔස්සේ ජලය ගමන් කිරීම අවහිර කරමින් පස් යොදා තිබූ අතර, ගොවීන් චෝදනා කළේ මෙලෙස ඇළ මාර්ග අවහිර කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories