ජී.එස්.පී. ප්ලස් සහනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

Sunday, 23 April 2017 - 7:35

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන  යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 කට තීරුබදු සහන සහිතව අපනයනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කරගැනීම සඳහා ප්‍රමාණවත් උද්යෝගයකින් කටයුතු නොකරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ නමුත් මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට නම් යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 751 දෙනා අතුරෙන් 376 දෙනෙකු ඊට එකඟ විය යුතුයි. අදාළ යෝජනාව ඉදිරි සතියේ යුරෝපා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනෙනු ඇති.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තවදුරටත් පැවතීම සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් උත්සහයක් දරමින් සැබෑ ප්‍රගතියක් අත්කර නොගැනීම හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීමට තමන් විරුද්ධත්වය පළ කරන බවයි යෝජනා ඉදිරිපත් කරන කණ්ඩායම ප්‍රකාශ කළේ.

 උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙතෙක් අහෝසි නොකිරීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories