සයිටම් ගැන සන්ධාන ප්‍රතිපත්තියට එකඟවනවා - එජාපය කියයි

Sunday, 23 April 2017 - 8:10

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම ඇත්තේ රජයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ වෛද්‍ය සභාවට බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තිය සමිතියක් පමණක් බවයි.

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය අවශ්‍ය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවමින් ප්‍රකාශ කළ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂයද සිටින බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories