කොරියාවේදී අතුරුදන් වූ තරුණයාගේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

Monday, 24 April 2017 - 12:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරියාවේ රැකියාවට ගොස්‌ සිටියදී අතුරුදන් වූ විසිහය හැවිරිදි තරුණයා පිලිබඳ ප්‍රශ්ණ කිරීම සඳහා එක් පුද්ගලයෙකු කොරියානු රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අතුරුදන් වූ තරුණයාගේ මාමාවන ජයන්ත ඉලේපෙරුම මහතා පවසනවා.

මෙසේ අතුරුදන්වී ඇත්තේ ශෂෙන් තාරක ජයසේකර නැමති බද්දේගම නගරයේ පදිංචිකරුවෙක්.

ඥාති ප්‍රශ්නයක් මත මෙම අතුරුදන්වීම සිදු වුවක් විය හැකි බවයි ජයන්ත ඉලේපෙරුම මහතා සැකපළකරන්නේ. 

මෙම තරුණයා අප්‍රේල් මස 16 වැනි දින සිට අතුරුදන්වී ඇති බව ඥතීන් පවසන්නේ.

ඔහු මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවේ රැකියාවට ගොස්‌ තිබුණා.

මේ හේතුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය මෙයට යොමු කරන ලෙසත් කොරියාවේ දී අතුරුදන්වී ඇති මේ දරුවා සොයාදීමට උදව් කරන ලෙසත් ජයන්ත ඉලේපෙරුම මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



මා මළ දවසට දුක්‌වෙන්න කවුරුත් නැහැ. හඬන්න කවුරුත් නැහැ යනුවෙන් ශෂෙන් තාරකගේ මුහුණු පොතේ සටහන් ද කර තිබෙනවා. 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories