දෙපිරිසක් අතර ගැටුමකින් 12 ක් රෝහලේ

Monday, 24 April 2017 - 12:44

%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
යාපනය, වඩමාරච්චි, තුන්නාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර පසුගිය 22 දා ඇති වූ ගැටුමකින් පුදගලයින් 12 දෙනෙකු තුවාල
ලබා රෝහල්ගත කර ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය කියා පවසනවා.

තරුණයින් පිරිසක් එක් තරුණයෙකුගේ උපන්දිනයක් සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී තවත් තරුණයින් පිරිසක් එම ස්ථානයට පැමිණ සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී ඇති බව සදහන්.

වීදුරු කැබලි, ගල් හා වීදුරු බෝතල් උපයෝගි කරගනිමින් පහර දීම්  සිදුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ දෙපාර්ශයේම පුද්ගලයින් මේ වන තුරු අත්අඩංගුවට ගෙන නොමැති බව සදහන්.

ගැටුම සම්බන්ධයෙන් නෙල්ලියඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories