මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් අතුරුදන් වූවන් සොයා 12 වන දිනටත් හමුදාව මෙහෙයුමේ

Tuesday, 25 April 2017 - 7:34

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%9A
රුපියල් 50,000 බැගින් තුන් මසක නිවාස කුලී ලබාදීම තම ගැටළුවට විසඳුමක් නොවන බව මීතොටමුල්ල - කසල කන්ද නාය යාමෙන් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තම නිවාස සහ ඉඩම් වල සම්පූර්ණ තක්සේරුව ලබාදෙන්නේ නම්, එම ප්‍රදේශයෙන් බැහැරවීමට සූදානම් බවයි.

ආරක්ෂක අංශ මේ වන විට කසල කන්දේ නාය ගිය ප්‍රදේශය පොලීතින් ආවරණ යොදා සකස් කර ඇත්තේ ඉදිරියේදී ඇති විය හැකි වර්ෂාවකදී කසල කන්ද යළි නාය යාම වළක්වා ගැනීම සඳහායි.

කසල කන්ද නාය යාමෙන් සහ ඉන් අවදානමට ලක්වූ පුද්ගලයින් 315 දෙනෙකු තවමත් කොළොන්නාව - ටෙරන්ස් එන්. ද සිල්වා විද්‍යාලයේ පිහිටුවා ඇති සහන කදවුරේ රැදී සිටිනවා.

මේ අතර, අද 12 වන දිනටත් හමුදාව අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතුවල නිරත වනවා.

ඒ, යන්ත්‍ර උපකරණ පමණක් යොදා ගනිමින්.

මේ අතර, කොළොන්නාව - ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ජනතාව කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණා.

මීතොටමුල්ල කසල කන්ද නාය යාමත් සමඟ ප්‍රදේශයේ ගොඩගැසී ඇති කැළි කසල රැගෙන යන ලෙස බල කරමිනුයි ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories