උතුරු කොරියානු අර්බුදය උණුසුම් අතට හැරෙද්දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණ ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හදිසි රැස්වීමක් සඳහා ධවල මන්දිරයට කැදවා තිබෙනවා.
ඒ අනුව සෙනෙට් මණ්ඩල සභිකයන් 100කට අධික සංඛ්‍යාවක්, රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වනු ඇති.
හෙට දිනයේ මෙම රැස්වීම පැවැත්වෙන්නේ උතුරු කොරියාව සම්බන්ධයෙන් සංයමයකින් කටයුතු කරන ලෙස චීන ජනාධිපති ෂී - ජින්පින්, ජනපති ට්‍රම්ප් වෙත දුරකථනයෙන් සිදුකළ දැනුම් දීමෙන් අනතුරුවයි.
උතුරු කොරියාව අද සිය මහජන හමුදාවේ 85 වන සමරුව පවත්වනු ලබනවා.
ඒ නිමිත්තෙන් ඔවුන් අනපේක්ෂිත මිසයිල අත්හදා බැලීමක් හෝ න්‍යෂ්ටික පිපිරවීමක් සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.
මේ අතර, ප්‍රහාරක ගුවන් යානා රැගත් ඇමරිකානු කාල් වින්සන් යුද නෞකාව ඕනෑම මොහොතක කොරියානු අර්ධද්වීපයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
යුද නෞකාව ගිල්වන බවටත්, න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇමරිකාව මුළුමනින්ම විනාශ කරන බවටත් උතුරු කොරියාව මේ වන විටත් අනතුරු අඟවා අවසන්.

Follow US
Most Viewed Stories