චිලී දේශයේ ප්‍රබල භූ කම්පනයක්

Tuesday, 25 April 2017 - 9:47

%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු ඇමරිකානු චිලී දේශයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

භූ කම්පනයෙන් සන්තියාගෝ අගනුවර ගොඩනැගිලි සසල වී ඇති අතර, තවත් අතුරු කම්පන දෙකක් ද පසුව වාර්තා වුණා.

වල්පරයිසෝ නගරයට ඔබ්බෙන් මුහුදේ කිලෝමීටර් 35ක් ඈතින් භූ කම්පනය සිදුව ඇති අතර එහිදී සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නැහැ.

මේ අතර, මීට වසර දෙකකට පෙර සිදුව මහා භූ කම්පනය සිහිපත් කරමින් නේපාලයේ සුළු භූ කම්පන දෙකක් අද වාර්තා වුණා.

ඒවා රික්ටර් පරිමාණයේ 4.6ක සහ 4.7ක ප්‍රබලතාවයන්ගෙන් යුක්ත වන බව සදහන්.

2015 වසරේ අප්‍රේල් 25 වන දා සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8ක භූ කම්පනයෙන් පුද්ගලයන් 9000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර නිවාස දස ලක්ෂයක් පමණ විනාශයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories