මා ඕවාදී ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් භටයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 25 April 2017 - 11:13

%E0%B6%B8%E0%B7%8F+%E0%B6%95%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ සුක්මා ප්‍රදේශයේදී මා ඕවාදී සන්නද්ධ සාමාජිකයන් 300කට අධික පිරිසක් සැඟවී එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය මධ්‍යම අතිරේක පොලිස් බල ඇණියේ පොලිස් භටයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මා ඕවාදීන් කළු පැහැති නිල ඇඳුමෙන් සැරසී අත්බෝම්බ, ස්වයංක්‍රීය රයිෆල සහ රොකට් විදිනයන් රැගෙන ප්‍රහාරයට පැමිණි බවයි දිවි ගලවා ගත් පොලිස් භටයන් ප්‍රකාශ කළේ.

ඒ අවස්ථාවේ මාර්ග මුර සංචාරයේ නිරතව සිටි 99 දෙනෙකුගෙන් සමන්විත පොලිස් බල ඇණියක් ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර, තුවාල ලැබූ භටයන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාජ්පූර් වෙත රැගෙන ගොස් ඇත්තේ ගුවන් මගින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories