ලිංගික අපරාධ සිදුකිරීම කිරීම හේතුවෙන් පුද්ගලයෙකු කැනඩාවේ දී බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙනවා.
බාස්කර් මුනියප්පා නමැති මෙම පුද්ගලයා කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර පුරා ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම පවසනවා.
මෙම හැකියාව තුලින් ජනතාවගේ ගැටළුවලට පිළියම් ලබා දීමට යෑමේ දී ඔහු වෙතට පැමිණෙන පුද්ගලයින්ට ලිංගික හිංසනයන් සිදු කර ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 32 ක් වු මොහු විවාහකයෙක් බවත් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ ජීවත් වන බවට කරුණු අනාවරණය වි ඇති අතර 2014 ජුලි මස ඔහු කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2014 සැප්තැම්බර් මාසයේ දී ඔහු වෙත පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිංසනයන් සිදුකල බවට ඔහු වරද පිළිගෙන තිබෙනවා.
අදාල සිදුවීම සම්බන්ධයෙන් එරට අධිකරණය මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇති අතර පසුව මෙම වසරේ පෙබරවාරී මස බාස්කර් මුනියප්පා ඇප මත මුදා හැර ඇති බව සදහන්.
කෙසේ වෙතත් ඔහුගේ පදිංචියේ සිදු කරන ලද වෙනස් වීමක් පොලීසියට දැනුම් නොදීම හේතුවෙන් මේ වන විට ඇප අවලංගුකර නැවතත් ඔහු බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
තමාට අනාගතය පිළිබඳ අනාවැකි කීමට හැකි බව පවසන බාස්කර් පවසන්නේ තමා කැනඩාවෙන් පිටුහවල් කරනු ලබන බවත් අනාගතයේ දී ලංකාවට පැමිණිමට හැකි වන බවත් ඔහුට පෙනී යන බවයි.

Follow US
Most Viewed Stories