මීතොටමුල්ල නාය යාමෙන් නිවාස හානි වූ පුද්ගලයින්ට මාස තුනක දීමනා එකවර

Tuesday, 25 April 2017 - 12:17

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB
මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබා ගැනීම සඳහා මසකට රුපියල් 50,000 බැගින් මාස 3ක කාලයක් ගෙවීමට නියමිත මුදල එකවර එම පවුල් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසල කළමනාකරණය විධිමත් කිරීම පිළිබදව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

එහිදී ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදෙමින් සදහන් කර ඇත්තේ තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරකම් මුදල් ගැටළු මඟ හරවා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කසල කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙසට නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා එහිදී සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැදවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories