පාර්ලිමේන්තුව සතු බලතල විධායකය විසින් පාවිච්චි කිරීමේ තත්ත්වයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
විශේෂයෙන් මහජන මුදල් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අභිබවා විධායකය කටයුතු කිරීම නිසා අද ශ්‍රී ලංකාව දැවැන්ත ණය බරකට යට වී ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
එම තත්ත්වය වෙනස් කර නව පාර්ලිමේන්තු පාලන තන්ත්රයක් ඇති කිරීමට සූදානම් බවයි ආසියා - පැසිෆික් කලාපීය යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සමුළුව කොළඹ දී අද අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ.
මේ අතර රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යෑම සඳහා අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති සැකසීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
‘‘අද අපේ නව පාර්ලිමේන්තුව අපේක්ෂා කරනවා පාර්ලිමේන්තු ක්රමයේ වෙනස්කම් රැසක් සිදුකරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන තුළින් එය සිදුකිරීම අපේ අරමුණයි. ඒ සඳහා දැනටමත් අප කටයුතු ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තු පාලන තන්ත්රයේ සිදුකළ යුතු වෙනස්කම් ඉදිරියේදී අපට ඇගයීමට ලක් කරන්න සිදුවේවි.පසුගිය පාර්ලිමේන්තුවේදී අපට දක්නට ලැබුණු ප්‍රවණතාවක් තමයි විධායක විසින් බලතල විශාල ලෙස පවරා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව සතු බලතල කප්පාදු වීම.විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හඬට වටිනාකමක් නොතිබීම එහිදී දක්නට ලැබුණු තවත් කරුණක්.නිසි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේදි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට විපක්යේ මන්ත්‍රීවරුන්ට වඩා බලතල හිමි වනවා.මහජන මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම නිසි පරිදි ක්‍රියාත්මක නොවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණා. පාර්ලිමේන්තුවට හිමි විය යුතු එම බලතල ශක්තිමත් නොකිරීම නිසා තමයි අද අපට පසුගිය 5 වසර තුළ ලබාගෙන ඇති දැවැන්ත විදේශ ණය කන්දරාවක් ගෙවීමට සිදුව ඇත්තේ."

Follow US
Most Viewed Stories