වර්ජනය අවසන් වුවත් ඉන්ධන හිඟයි - පාරිභෝගිකයන්ගෙන් චෝදනා

Tuesday, 25 April 2017 - 12:56

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය අවසන් වුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල තවමත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැති බවට සදහන් කර පුවරු ප්‍රදර්ශන කර තවමත් වසා දමා ඇති බව සදහන්.

වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධන හල් 700ක පමණ ඉන්ධන තොග අවසන් වී ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ වන විට සියලු සේවකයින් යළි රාජකාරී කටයුතු සදහා වාර්තා කර ඇති බව ඔහු කියා සිටියා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පවතින තෙල් හිඟය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ශෙහාන් සෙනෙවිරත්නගෙන් ද විමසා සිටි අතර ඔහු කියා සිටියේ මේ වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවලින් ඉන්ධන රැගෙන බවුසර් රථ 100කට වැඩි සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අනුව අද පස්වරු 4 පමණ වන විට ඉන්ධන හිඟය අවසන් වනු ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

ත්‍රිකුණාමලය - චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ රාත්‍රියේ අවසන් කළා.

ඒ, අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර ඊයේ දිනයේ කිලිනොච්චිය ප්‍රදේශයේ ඉන්ධන ලීටරයක් රුපියල් 300 ක මුදලකට අලෙවි කල බවට වාර්තා වනවා.

ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන මිලදීගෙන පසුව ඒවා නිවෙස් වල තබාගෙන මෙලෙස රුපියල් 300 ක මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස ඉන්ධන අලෙවි කිරීමට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories