විදේශිකයන්ගෙන් මැලේරියා මෙරටට පැමිණීමේ අවදානමක්

Tuesday, 25 April 2017 - 13:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලෝක මැලේරියා දිනය අදට යෙදී තිබෙනවා.

කෙසේ වෙතත්, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කර තිබුණ ද විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් එම රෝගය බෝවීමේ අවදානමක් පවතින බවයි.

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්ද යන්න පරීක්ෂා කරන බවයි වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ විදේශීය රටවලින් පැමිණි මැලේරියා රෝගය වැළදුනු 18 දෙනෙකු සොයා ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories