ජනක බණ්ඩාරට, ලොහාන්ට සහ අනුර විදානගමගේට සංවිධායක ධුර අහිමි වෙයි

Tuesday, 25 April 2017 - 15:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%BD%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දැරූ ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ වෙනුවට නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු පත් කෙරුනා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් සංවිධායක ධුරය දැරූ දඹුල්ල ආසනය වෙනුවෙන් සම සංවිධායකවරුන් ලෙස ඩබ්ලිව්.එම්. යසමාන සහ යූ.ආර්. දයා නන්දසිරි පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සංවිධායක ධුරය දැරූ පාතදුම්බර ආසනයේ නව සංවිධායකවරයා වන්නේ, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමරජීව බණ්ඩාර වෙළගෙදරයි.

ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සංවිධායක ධුරය දැරූ මහියංගණය ආසනයේ නව සංවිධායකවරයා ලෙස කේ.පී. ගුණවර්ධන පත්කර තිබෙනවා.

එසේම දිස්ත්‍රික්ක පහක් සඳහා නව සංවිධායකවරුන් 13 දෙනෙකු ද අද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගත්තා.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රි නිශ්ශංක හේරත්, මහනුවර හිටපු නියෝජ්‍ය නගරාධිපති අසංක දොඩම්වල, කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේල ඒකනායක සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ පත්කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් ලෙසයි.

දඹුල්ල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න, නාවුල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වන සුසිල් ප්‍රේමරත්න, මාතලේ දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත්කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ සබරගමුව පළාත් සභා මන්ත්‍රී සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක සහ නික්ෂන් සූරියකුමාර්.

එස්. අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන්, කන්දසාමි කරුණාකරන්, නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස ජනාධිපතිවරයා අතින් අද පත්වීම් ලිපි ලබාගත්තා. එන්.අරුණතිලගන් පත්කර ඇත්තේ මුලතිව් දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙසයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories