නිනිදහස් පක්ෂයේ අවශ්‍යතා අනුව කැබිනට් සංශෝධන බැහැ - එජාපයෙන් ප්‍රකාශයක්

Tuesday, 25 April 2017 - 19:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිදහස් පක්ෂයේ අභිමතය පරිදි පමණක් කැබිනට් සංශෝධනයක් සිදුකළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර රටේ අවශ්‍යතාවය මත කැබිනට් සංශෝධනයක් සිදුකිරීම ගැටලූවක් නොවන බව සඳහන් කළ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් සංශෝධනයක් සිදුනොකළ යුතු බවයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය වැය කරන්නේ පසුගිය ආණ්ඩු සමයේදී වංචා සහගත ලෙස රැස් කරගත් මුදල් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන පරිදි ලක්ෂ 20 ක ජනතාවක් ගාලූ මුවදොර පිටියට ගෙනවිත් පෙන්වන ලෙසයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories