කොළඹ මහල් නිවාස ව්‍යාපෘතිවලට ඉදිරියේදී අවසර ලැබෙන්නේ මෙහෙමයි

Tuesday, 25 April 2017 - 19:22

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
විධිමත් කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළහොත් පමණක් කොළඹ නගරය තුළ ඉදිකෙරෙන මහල් නිවාස සදහා මින් ඉදිරියට අනුමැතිය ලබාදෙන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ අනුර මහතා පවසනවා.

කොමසාරිස්වරයා සඳහන් කළේ කොළඹ කසළ ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් අදත් කසළ බැහැර කිරීමට එරෙහිව විරෝධතා පැවැත්වුණා.

ජාඇළ - නුගපේ ප්‍රදේශයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් අද දිනයේද විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

කොළඹ මහ නගර සභාවේ කසළ රැගත් ලොරි රථ පැමිණෙන මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවීම නිසා එම ලොරි රථ ආපසු හරවාගෙන ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.   

පසුව එම ස්ථානයට නුගපේ ගොවිජන සංවර්ධන නිලධාරිනි පී.ඩබ්ලිව්. ලියනගේ පැමිණි අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට කසළ බැහැර කිරීම නීත්‍යානුකූල කටයුත්තක් නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බවද ඇය ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories