වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීමට ඇමති ෆොන්සේකාගේ ප්‍රධානත්නයෙන් ඒකකයක්

Wednesday, 26 April 2017 - 7:25

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම එම ඒකකය අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් ඇති කළ යුතු බවට කැබනට් රැස්වීමට එක්ව සිටි අමාත්‍යවරුන් යෝජනා කර තිබෙනවා.

කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් රටේ කටයුතු අඩපණ කිරීමට ඉඩ දිය නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී රට තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට විශේෂ ඒකකයක් පිහිටුවා තිබීමේ වැදගත්කම අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories