බැඳුම්කර සිද්ධිය නිසා ඉදිරි වසර තිහේදී රටට බිලියන 10 කට වැඩි පාඩුවක්

Wednesday, 26 April 2017 - 18:35

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව හේතුවෙන් ඉදිරි වසර තුළ රජයට සිදුවන පාඩුව රුපියල් බිලියන 10 කට අධික බව ශ්‍රී ලංකා මහබැංකුවේ වැඩබලන අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසනවා.

එසේම, ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව සිදුවූ අවස්ථාවේදී රජයට තවත් මිලියන 532 ක පාඩුවක් සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින්.

ශ්‍රී ලංකා මහබැංකුවේ වැඩබලන අධිපතිවරයෙකු ලෙස කිහිප වරක් කටයුතු කර ඇති ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පසුගිය හා වත්මන් රජයන්හි ආර්ථික උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

සිය වසර 36 ක සේවා කාලය තුළ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ගන්නා තීරණවලට කිසිදු මහබැංකු අධිපතිවරයෙකු මැදිහත් නොවූ බවයි ඔහු සඳහන් කළේ.

රජයේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා විසඳුම් යෝජනා කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබාදී ඒවා ටෙන්ඩර් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනයට වීමට මහබැංකු අධිපතිවරයා අවස්ථාව සැලසිය යුතු බව ද ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.

ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන එහිදී පැවසුවේ ඒ අනුව අදාළ ක්‍රියාදාමයෙන් බැහැරව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදුකළ මැදිහත්වීමෙන් රජයට ඉදිරි වසර 30 තුළදී සිදුවන පාඩුව රුපියල් බිලියන 10කට වැඩි බවයි.

ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 10 යි දශම 5 යි 6 ක් වැනි විශාල මුදලක් ඉහළ පොලියකට වෙන්දේසි ක්‍රමයෙන් ලබා ගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් ලබාදුන් උපදෙස් කිසිලෙසකින් සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු සඳහන් කළා.

එම මුදල පෞද්ගලික, ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් ලබානොගෙන ලංකා බැංකුවෙන් හෝ සේවක අර්ධසාධක අරමුදලෙන් ලබා ගැනීමේ හැකියාව තිබූ බවයි හිටපු වැඩබලන අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඊට අමතරව, කොමිසම හමුවේ අද හෙලිවූයේ මූල්‍ය අවභාවිතයට ඉඩ සලසන ඍජු ස්ථානගත කිරීම් හරහා පෞද්ගලික ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට බැඳුම්කර මිලට ගැනීමට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගේ සමයේ අවස්ථාව සැලසී ඇති බවයි.

ඊට මුදල් මණ්ඩලයේ අවසරය හිමිව තිබුණේ දැයි මෙතෙක් හෙළි වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories