ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරුන් නවදිල්ලියේදී හමුවේ

Wednesday, 26 April 2017 - 18:42

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ආර්ථික, ආයෝජන සහ සංවර්ධන සහයෝගිතාවන් වර්ධනය කර දෙරටේම ජනතාවට සමබර ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, අද (26)අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුවයි.

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව, සිදුවුණේ නවදිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් මන්දිරයේදීයි.

මෙහිදී, තමන් ලබන මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්වීමේ උනන්දුවෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ කළමනාකරණය, තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා සහය ලබාදෙන ලෙසයි.

දෙරට අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි.

ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් සහ උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊට අත්සන් තැබුවා.

ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමලය නගරය වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලූම් පර්යන්ත, කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඉන්දීය සහභාගිත්වය ලබාදීම මෙම ගිවිසුමෙන් මූලික අවදානය යොමුකර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මෙහි ඇතැම් ක්ෂේත්‍රයන්හි සංවර්ධන කාර්යන් සඳහා ඉන්දියාවට අමතරව, ජපානයේ ද සහය හිමිවන බව එම නිවේදනයේ සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories