මාතලේ රෝහණත් ඉල්ලා අස්වේ

Wednesday, 26 April 2017 - 18:47

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක අද ප්‍රකාශ කළා.

ඒ සිය නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව තමන් මෙලෙස ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායකගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද (26) ඔහුගේ නිවසට පැමිණ තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

මේ අතර, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව කියා සිටියේ තමන් පක්ෂ තීරණය සම්බන්ධයෙන් කණගාටුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories