අනුර සේනානායක යළි රිමාන්ඩ්

Thursday, 27 April 2017 - 13:41

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන මස 4 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

නඩුව අද යළි කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ වසීම් තාජුඞීන් ඝාතනයට ලක්වූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත් වූ රථ වාහන පිළිබද සටහන් තබා තිබූ ලේඛනයේ කොළ ඉවත් කිරීමේ සිද්ධිය පිළිබද අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී පරීක්ෂණ සඳහා බොරැල්ල ජින් ටෙක් ආයතනයට යොමු කළ අස්ථි කොටස් යළි අධිකරණය භාරයට පත් කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories