කොරියාවේදී මියගිය ලාංකික තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි

Thursday, 27 April 2017 - 15:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු කොරියාවේ සේවයේ නිරතව සිටියදී අතුරුදන්වීමෙන් පසු මළ සිරුර හමුවු ලාංකික තරුණයාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට විශ්වාස කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ ඉතා උස් ස්ථානයකට ගොස් මෙම තරුණයා පැන ඇති බවයි.

කොරියානු පොලිසිය සහ හදිසි ඇමතුම් අංශය එක්ව මෘත දේහය කැලෑ ප්‍රදේශයක තිබී සොයාගෙන ඇතැයි ද අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

එම ලාංකික තරුණයා පැන ඇති ස්ථානය පහළ විශාල මඩ වගුරක් ද ඇති බවටයි හෙළිව ඇත්තේ.

මෙම මළ සිරුර අතුරුදන්වු ලාංකික තරුණයාගේම ද යන්න තවදුරටත් පරීක්ෂණ සිදුවන බව තලතා අතුකෝරල මහත්මිය කියාසිටියා.

ලැබී ඇති තොරතුරු අනුව අතුරුදන්වීමට මොහොතකට පෙර ඔහු කොරියාවේ සිටින ඥාතියකු සමග ද කථා බහ කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ පවුලේ ඥාතීන් දැනුවත් කර ඇති අතර ඔහුගේ දේහය කඩිනමින් ගෙන්වා ගැනීමට ද පියවර ගන්නා බවයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය කියාසිටියේ.

මෙම තරුණයා නිරන්තරයෙන් ස්කයිප් ඔස්සේ සිය නිවසේ ඥාතීන් සමග සම්බන්ධ වී ඇති අතර දින කිහිපයක සිට තොරතුරක් නොමැතිවීම හේතුවෙනුයි ඔහුගේ ඥාතීන් සිද්ධිය පිළිබඳ අමාත්‍යංශයට දැනුම්දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිළිබඳ කොරියානු රජයට ස්තුතිය පළකරන බව ද අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

මෙලෙස අතුරුදන්ව තිබුනේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඔහු 2013 වසරේ සිට දකුණු කොරියාවේ සේවය කරන බව සඳහන්.

මෙම සිද්ධියට අදාළව ප්‍රශ්ණ කිරීම සඳහා කොරියානු ආරක්ෂක අංශ විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු අතුරුදන් තරුණයාගේ ඥාතියෙක් ද වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories