ශ්‍රී ලංකාවට ජී එස් පී ලබාදීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

Thursday, 27 April 2017 - 16:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්වුණා.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436 ක් හිමිවූ අතර ඊට පක්ෂව හිමිවුණේ ඡන්ද 119 ක් පමණක් බවයි.

යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ මෙම යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3 ට ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කළ පාර්ශවයන් ඉල්ලා සිටියේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වගකීම ඉටු කර නොමැති නිසා ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබා නොදෙන ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories