ත්‍රිවිධ හමුදාව ද ඇතුළත් නව ඒකකයක් පිහිටුවන්නේ හමුදා පාලනයක් ගෙන ඒමේ අරමුණින් නොවන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (27) ප්‍රකාශ කළා. ඒ කැළණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත බව කියන තනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද විවිධ මත පවතින බව අද හෙළි වුණා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවට අවස්ථා දෙකකදී එක්වූ අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ විජිත් විජයමුනි සොයිසා ඒ සම්බන්ධයෙන් වෙනස් අදහස් පළ කළා.
අමාත්‍ය එස්.බී.දිසානායක සඳහන් කළේ ජනාධිපතිවරයා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට නියමිත නව ඒකකය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය බරපතල එකක් නොවන බවයි.
එහෙත් එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා එය විහිළුවට කරුණක් නොවන බවත්, කැබිනට් තීරණයක් මත එය පිහිටුවන බවත් අවධාරණය කළා.
එසේම ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ශව රැසක් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්ද ඊට එරෙහිව සහ පක්ෂව අද (27) අදහස් පළ කරනු දක්නට ලැබුණා.

Follow US
Most Viewed Stories