ජනපති මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කරයි

Friday, 28 April 2017 - 7:45

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කර තිබෙනවා.

මැලේසියාවේ සුප්‍රකට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ (27) ජනාධිපතිවරයා හමුවුණා.

එම අවස්ථාවේදීයි ජනාධිපතිවරයා ඔවුන්ට මෙම ආරාධනය සිදුකර ඇත්තේ.

ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කරගැනීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකළ බව මැලේසියානු ආයෝජකයින් එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත්, දීර්ඝ කාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බව පෙන්වා දුන් එම ව්‍යාපාරිකයින් ඒ පිළිබඳව සොයා බලන ලෙසට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවසා ඇති බව සඳහන්.

මේ අතර, මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යයටද ජනාධිපතිවරයා ඊයේ එක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories