මීතොටමුල්ල ගැන පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Friday, 28 April 2017 - 11:00

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කසළ කළමනාකරණයට අදාළ ගැසට් නිවේදන කිහිපයක් අනුමත කරගැනීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.

ඒ සදහා සහභාගි වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ.

සියලූ පළාත්පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 20 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනය සම්මත කර ගැනීම සදහායි අද දිනයේ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළේ.

කෙසේ නමුත්, මීතොටමුල්ල සිද්ධිය සහ කසල කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ද අද දිනයේ පැවැත්වීමට පසුව තීරණය කරනු ලැබුවා.

අද උදෑසන එම විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින්.

එහිදී ඔහු කියා සිටියේ කසල ගැටලූව සම්බන්ධයෙන් පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද නිසි විසදුම් ලබාදෙන බවක් පෙන්නුම් නොකරන බවයි.

එමෙන්ම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ කසල ගැටලූව සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් විසදුම් සෙවීම සදහා ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බවයි.

කසල මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විවාදයට එක්වෙමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories