13 හැවිරිදි දැරියක් ගොදුරක් වෙයි

Friday, 28 April 2017 - 11:28

13+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගල්නෑව පොලිස් වසමේ මුලන්නටුව වැවේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක කිඹුලකු ගොදුරු කර ගෙන ගොස් ඇතැයි ගල්නෑව පොලීසිය පවසනවා.

මෙසේ කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව අතුරුදන්ව ඇත්තේ ගල්නෑව, ලෝලුගස්වැව , දොර 4 , අංක 246 ලිපිනයේ පදිංචි, ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එම් ගිම්හානී අනුෂිකා නම් දැරියයි.

ඇගේ 13 වැනි උපන් දිනය මැයි මස 02 වැනි දිනට යෙදී ඇතැයිද පවුලේ ඥාතීන් පවසනවා.

ඊයේ (27) රාත්‍රී 7.00 ට පමණ සිය දෙමාපියන් හා අසල්වාසී කුඩා දරුවන් පිරිසක් සමගින් ගල්නෑව මුලන්නටුව වැවේ සුපුරුදු පරිදී දිය නෑමට සුපුරුදු පරිදී ගිය ගිම්හානී අනුෂික සිසුවිය දිය නාමින් සිටියදී මෙලෙස හදිසියේ දියේ අතුරුදන්වූ බව ඇගේ මව පවසනවා.

එක්වරම දියේ අතුරුදන්වූ තම දියණිය සිටි ස්ථානයේ බුබුළු දමනු දුටු බවද මව සඳහන් කර තිබෙනවා.

අතුරුදන් සිසුවියගේ මළ සිරුර සොයා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකක , සිවිල් ආරක්ෂක නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මුලන්නෑව වැවෙහි සෝදිසි කිරීම් මේ වන විට සිදු කරනු ලබයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories