ගිනි කෙළි කම්හලක පිපිරීමක්

Friday, 28 April 2017 - 12:44

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කටාන - කිඹුලාපිටිය - දාගොන්න ප්‍රදේශයේ ගිනි කෙළි කර්මාන්තශාලාවක ඇති වූ පිපිරීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද දහවල් කර්මාන්තශාලාව තුළ ඇති වූ මෙම පිපිරීමෙන් ඒ අසල සිටි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

පිපිරීමෙන් අනතුරුව එම ස්ථානයේ ගින්නක් ද හට ගත් අතර, එය මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories