කරදියානට කොළඹ කුණු බැහැර කිරීම අත්හිටුවමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

Friday, 28 April 2017 - 12:46

%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෙට (29) සිට කරදියාන කසල අංගනයට කොළඹින් රැගෙන එන කුණු බැහැර කිරීම වළක්වාලමින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ පාරිසරික සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අධිකරණ නියෝග මත අද දිනයෙන් අවසන් වුව ද බලධාරින් එහි කුණු බැහැර කිරීම දීර්ඝ කිරීමට උත්සාහ දරන බව පවසමින් ප්‍රදේශවාසීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් කැස්බෑව අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් හිසේ කළු පටි පැළද විරෝධතාවයේ නිතරව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීමට විරෝධය පළ කරමින් බොරලැස්ගමුව, බෝකුන්දර, කැස්බෑව සහ පිළියන්දල නගරවල අද දිනයේ කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබූ බව හිරු වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories