බත්තරමුල්ල - තලවතුගොඩ - මාදිවෙල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද (28) අලූයම තරුණයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
පොලිසිය සදහන් කළේ තරුණයාගේ සිරුරෙහි දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට අද අලූයම ලැබුණු දුරකථන ඇමතුමකට අනුව මෙම ඝාතනය පිළිබදව කරුණු සොයා ගනු ලැබුවා.
පසුව මියගිය තරුණයාගේ මව ද පොලිසියට පැමිණ මෙම ඝාතනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අතුරුගිරිය - ඔරුවල ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය සදහන් කළේ තලවතුගොඩ ප්රදේශයේ රාත්රී සමාජ ශාලාවක ඊයේ ඇති වූ සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇත්ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නැහැ.

Follow US
Most Viewed Stories