මැයි මුල් සතියේ වර්ජනයක්

Friday, 28 April 2017 - 14:20

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් ගැටළුව පදනම් කර ගනිමින් ලබන මස 3 වන දා සහ 5 වන දා අතර දිනෙක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ වෘත්තීය සමිති රැසක් ඊට සහය දෙන බවයි.

මාධ්‍ය හමුවෙන් පසුව වර්ජනය සඳහා සහාය දෙන වෘත්තීය සමිති ලේඛනයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කළා.

එහි දැක්වුණේ වෛද්‍ය, හෙද, ප්‍රවාහන, ඛනිජ තෙල්, වරාය, විදුලි, තැපැල්, රේගු, ගොවි යන ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ඊට සහය දක්වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories