ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 29 April 2017 - 9:09

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාතාල නායක වැලිවේරිය ලියනගේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් කළු අජී නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී තවත් පුද්ගලයෙකු සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මොවුන් සතුව තිබී ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ උණ්ඩ 8ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගම්පහ - කිරිඳිවිට ප්‍රදේශයේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර  පරීක්ෂණවලදී මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

සැකකරුවන්ට පොළොන්නරුව, මිනුවන්ගොඩ, අත්තනගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණවලින්ද වරෙන්තු නිකුත් කර ඇති බවට හෙළි වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories