මෝදිගේ සංචාරයේදී ගිවිසුම්වලට අත්සන් තබන්නේ නැහැ - ජනපති කියයි

Saturday, 29 April 2017 - 18:23

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය අතරතුර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

තමන් කළ ආරාධනාවකට  අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන මැයි මස මෙරටට පැමිණෙන්නේ ජගත් සංවිධානයේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගි වීමට බවයි මඩකලපුව - ඔට්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරු උත්සවයට අද (29) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී ගිවිසුම් කිහිපයක් අත්සන් තබන බවට ඇතමුන් සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර සිදුකරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එම ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories