ඉතිහාසයේ උපරිම විදුලි ඉල්ලූම මේ සතියේ - විදුලිය විසන්ධි කිරීමට හේතුවත් හෙළිවේ

Saturday, 29 April 2017 - 18:24

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පෙර දැනුම්දීමකින් තොරව ඊයේ (28) දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කළේ විදුලි ඉල්ලූම ඉහළ යාම, නොරොච්චෝලේ තාප බලාගාරයේ යන්ත්‍රයක් අක්‍රිය වීම ඇතුළු හේතු කිහිපයක් මත මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවයි.

ඊයේ දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විනාඩි 15 ක ආසන්න කාලයක් මෙලෙස විදුලිය විසන්ධිව පැවතියා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි සදහන් කළේ ඉතිහාසයේ දිනක උපරිම විදුලි ඉල්ලූම වන මෙගවොට් 2450 පසුගිය සදුදා රාත්‍රියේ වාර්තා වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories