හෙට දිනයේ පැවැත්වෙන මැයි පෙළපාලි සදහා දේශපාලන පක්ෂ බස් රථ 4000ක් පමණ ඇණවුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බස් රථ 1537 ක්, එක්සත් ජාතික පක්ෂය බස් රථ 1432 ක්, ජනතා විමුක්ති පෙරමුණ බස් රථ 209 ක් සහ ඒකාබද්ධ විපක්ෂය බස් රථ 22 ක් මේ වනවිට ඉල්ලූම් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට ඉල්ලූම් කර ඇති බස් රථ සදහා සියලූ ගාස්තු ලබාගෙන අවසන් බවයි.
මැයි දින පෙළපාලි සහ රැළි සදහා බස් රථ ලබාදීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට මිලියන 35 ත් 40 ත් අතර ආදායමක් ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මීට අමතරව, මැයි පෙළපාලි සදහා පෞද්ගලික බස් රථ 7000 කට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලූම් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර, මැයි දින පෙළපාලි වලට පාක්ෂිකයන් සහභාගි කරවීම සදහා අතිරේක දුම්රිය කිහිපයක් ද ඇණවුම් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මරදාන සිට මහනුවරට සහ මහනුවර සිට මරදානට මෙන්ම, කුරුණෑගල සිට මරදාන සහ මරදාන සිට කුරුණෑගල දක්වා ද අතිරේක දුම්රිය ද ධාවනය වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ සදහා ද සියලූ ගෙවීම් සිදුකර තිබෙනවා.
මැයි රැළි සඳහා සහභාගි වන බස් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ගාස්තු අය නොකරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය දැනුම් දී ඇති බව පොලීසිය සදහන් කළා.
ඒ අනුව හෙට දිනය තුළ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මෙම බස් රථ සඳහා ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇති.

Follow US
Most Viewed Stories