ගම්පහ රථ පෙළපාලියක් නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

Sunday, 30 April 2017 - 8:10

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගම්පහ - බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්ගේ රථ පෙළපාලියක් හේතුවෙන් ගම්පහ නගරයේ අද පෙරවරු 10 සිට පස්වරු එක දක්වා කාලය තුළ මාර්ග තදබදයක් පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද උදෑසන 10 ට මෙම රථ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිත අතර, එය බණ්ඩාරනායක විද්‍යාලය අසලින් ආරම්භවී ගම්පහ - යක්කල මාර්ගයේ සියනෑ හන්දිය හරහා ගම්පහ නගරයට පැමිණ, නැවත යක්කල - ගම්පහ මාර්ගය ඔස්සේ බණ්ඩාරනායක විද්‍යාලය කරා පැමිණීමට නියමිතයි.

මේ හේතුවෙන් මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග  භාවිත කරන ලෙසයි පොලීසිය ඉල්ලා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories