අනියම් පෙමක් නිසා දෙදරු පියෙක් ත්‍රිරෝද රථයක් තුළ දිවි නසාගනී

Sunday, 30 April 2017 - 8:33

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A++%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාතර - සුල්තානාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු තම ත්‍රිරෝද රථය තුළ ගිනි තබාගෙන සියදිවි හානිකරගැනීමේ පුවතක් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ පාලටුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු සුල්තානාගොඩ ප්‍රදේශයේ කාන්තාවක සමග කාලයක් තිස්සේ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා අදාළ කාන්තාවට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එයට ඇය අකමැතිවී ඇති බවයි වාර්තාවන්නේ.

පසුව මොහු අද අලුයම පාලටුවේ පිහිටි සිය නිවසේ ගෑස් සිලින්ඩරය ත්‍රිරෝද රථය තුළට දමාගෙන සුල්තාගොඩ පිහිටි අනියම් බිරිඳගේ නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.  

එහිදී ත්‍රිරෝද රථය තුළ තිබූ ගෑස් සිලින්ඩරයට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගිනි තබාගැනීමෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, ඒ ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයකටද හානි සිදුව ඇති බව කොටවිල පොලීසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories