අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න ජනතාවට උපදෙස්

Sunday, 30 April 2017 - 12:54

%E0%B6%85%E0%B6%BB%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
වසර 10කට පසු ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 31 දක්වා පහත බැසී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

පසුගිය වසරවලදී එම ජලාශවල ජල මට්ටම සියයට 75ක් ව පැවති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදී පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන අද පස්වරු 02 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories