කම්කරු දිනයේ අධිවේගී මාර්ගවලට එස්.ටී.එෆ්. ආරක්ෂාව

Sunday, 30 April 2017 - 13:08

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
ලෝක කම්කරු දිනය සැමරෙන හෙට අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථ ගාස්තුවලින් නිදහස් කර තිබෙනවා.

ඒ, පිට පළාත්වල සිට මැයි රැළි සඳහා සහභාගිවීම සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහායි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් රෝහිත ස්වර්ණ කියා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීම සඳහා මෙලෙස අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories