විදේශිකයන් තිස් දෙදෙනෙකු සමඟ සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

Sunday, 30 April 2017 - 16:12

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කන්කසන්තුරේට සැතපුම් 12ක් ඈතින් වූ මුහුදේ දී නාවික හමුදාව, විදේශිකයින් තිස් දෙදෙනෙකු සමඟ සංක්‍රමණික යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ අද උදෑසන වෙරළාරක්ෂක බලකාය සැක කටයුතු අන්දමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ මෙම යාත්‍රාව නිරීක්ෂණය කර ඒ පිළිබදව නාවික හමුදාව දැනුවත් කළ බවයි.

මේ වන විට අදාළ යාත්‍රාව කන්කසන්තුරේ වරායට රැගෙනවිත් කන්කසන්තුරේ පොලීසියට භාර දී තිබෙනවා.

මෙය 6 දෙනෙකු පමණ ගමන් කළ හැකි කුඩා යාත්‍රාවක් වුවද එහි සංක්‍රමණිකයින් තිස් දෙදෙනෙකු රැදී සිට ඇති අතර ඉන් 16 දෙනෙකු මියන්මාර ජාතික අවුරුදු 9ට අඩු කුඩා ළමයින් බව සඳහන්.

එමෙන්ම එම ළමයින් අතර දින 15ක් හා මාස 4ක් වයසැති ළදරුවන් දෙදෙනෙකු ද සිටි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ඊට අමතර ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු, මියන්මාර ජාතික කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමින් 7 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.  

මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පිරිස ඉන්දියාවේ සිට වෙනත් රටකට යාත්‍රා කරමින් සිටියදී ඔවුන් ගමන් කළ යාත්‍රාව මුහුදුබත්ව ඇති බවයි.

පසුව එහි සිටි පිරිස ඒ ආසන්නයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් ඔවුන්ගේ යාත්‍රාවකින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙන විත් ඇති බවයි කන්කසන්තුරේ පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories