මැයි දිනයේ මහනුවර සහ කොළඹ ආරක්ෂාවට පොලීසියේ 11,000ක් - කොළඹට විශේෂ කැමරා පද්ධතියකුත්

Sunday, 30 April 2017 - 19:09

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+11%2C000%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A
හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම සංවිධාන මේ වන විට ලහි ලහියේ සූදානම් වනවා.

ප්‍රධාන මැයි රැලි 16 ක් කොළඹ සහ මහනුවර යන නගරවල පැවැත්වෙන බවයි පොලීසිය සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය කොළඹ - කැම්බල් පිටියේදී ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී ද, ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී. පිටියේ දී ද ප්‍රධාන රැළි පවත්වනවා.

පොදුජන පෙරමුණ සිය ප්‍රධාන රැළිය පවත්වන්නේ ගාලුමුවදොර පිටියේදීයි.

පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ප්‍රධාන රැළි පවත්වන ස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 11,000ක් යොදවා ඇති බවයි.

එමෙන්ම හෙට දිනයේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories