කන්කසන්තුරේදී ඇල්ලූ සංක්‍රමණිකයන් ඉන්දියාවේ සිට පැමිණි බව හෙළිවේ

Monday, 01 May 2017 - 8:02

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කන්කසන්තුරයට මුහුදු සැතපුම් 12 ක් ඈත මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ සංක්‍රමණික යාත්‍රාවේ සිටි තිස් දෙදෙනා ඉන්දියාවේ සිට පැමිණ ඇති බව නාවික හමුදාව පවසනවා.

මියන්මාරයේ පවතින ආගමික ගැටුම් හේතුවෙන් ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 4 කට පෙර බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ ලූතිනල් කමාන්ඩර් චමින්ද වලාකුලූගේ ප්‍රකාශ කලේ.  

ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු, මියන්මාර ජාතික කාන්තාවන් සහ පිරිමින් 14 දෙනෙකු මෙන්ම ළමයින් 16 දෙනෙකුද වනවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories