හෙට විදුලි ජනන යන්ත්‍ර අනිවාර්යයි

Monday, 01 May 2017 - 11:15

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පවතින අධික විදුලි ඉල්ලුම නිසා හෙට සිට කර්මාන්තශාලාවල විදුලි ජනන යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර තිබෙනවා.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 36 ක සුවිශේෂී ගෙවීමක් සිදු කිරීමටද තීරණය කර ඇති බවයි.

පවතින අධික උෂ්ණත්වය නිසා ඒකක මිලියන 38 ක්ව පැවති දිවා විදුලි ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා වැඩිවී ඇති බවයි.

රාත්‍රී විදුලි ඉල්ලුමද සියයට 10 කින් වැඩිවී තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය ගත් බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories