ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 02 May 2017 - 8:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු ඔවුන් පැමිණි යාත්‍රාව සමඟ නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ මොවුන් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

උතුරුමැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අදාළ ධීවරයන් පිරිස  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ධීවරයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දෙන බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories