හුංගම කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

Tuesday, 02 May 2017 - 13:04

%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට - හුංගම - ගුරුපොකුණ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හදිසි දුරකථන ඇමතුමකට ලද තොරතුරක් අනුව අදාළ ඝාතනය පිළිබද තොරතුරු අද දහවල් සොයා ගත් බවයි.

වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 32 හැවිරිදි දියණිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේදියි.

72 හැවිරිදි කාන්තාවගේ සිරුර නිවසේ මිදුලෙහි තිබී හමුවී ඇති අතර දියණියගේ සිරුර තිබී ඇත්තේ නිවස තුලයි.

මෙම ඝාතනයන්ට හේතුව හෝ සැකකරුවන් කිසිවකුත් මෙතෙක් අනාවරණ වී නැහැ.



ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories