දෙවිනුවර ප්‍රදීපාගාරය අනිද්දා සිට යළි මහජනතාවට විවෘතයි

Tuesday, 02 May 2017 - 15:26

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා අනිද්දා සිට යළි විවෘත කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ එදින පස්වරු තුනට ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන දෙවිනුවර ප්‍රදීපාගාරය 1887 වසරේ නිර්මාණය කර ඇත්තේ ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින්.

මහල් හතකින් සමන්විත මෙම ප්‍රදීපාගාරයේ උස මීටර 49 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර ප්‍රදීපාකර හතරෙන් එකක්.

පසුගිය කාලයේ එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකරුණේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගයන්හි පැවති ගැටළු හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories