ඇමති ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ඒකකය ගැන අවසන් තීරණයක් ගන්න කමිටුවක්

Wednesday, 03 May 2017 - 7:57

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ඒකකය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කමිටුවක් පිහිටුවීම පිළිබදව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අදාළ කමිටුව මගින් ලබාදෙන තීන්දු මත කමිටුව පිහිටුවීමටයි එකඟතාවයකට පැමිණ ඇත්තේ.

එමෙන්ම මින් පෙර පැවැති අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුව මෙම ඒකකය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වූ කරුණු පිළිබදව ද ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙනවා.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කර ඇත්තේ මෙම ඒකකය මගින් කිසිදු අයුරකින් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදුවක් සිදුනොවන බවයි.

එමෙන්ම මෙය කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමේ අරමුණින් සිදුකරන කටයුත්තක් නොවන අතර, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉටු කරන කාර්යයක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories